Hiru Genawilla | Srimathi Thilakarathne | Sinhala Songs Index

4,935 Views
Published
Artist: Srimathi Thilakarathne | Lyrics: Premakeerthi de Alwis | Music: Victor Rathnayake
Hiru Genawilla Lyrics: හිරු ගෙනවිල්ලා
පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා
හවසට එන්නම්...

අහස උසට විහිදී ඇති
වතුකරයේ තේ නිල්ලේ
බට කූඩය පිට බැඳගෙන
නිය රඳවා තේ දල්ලේ
මිහිඳුම් සළු පීරාගෙන
සේවය කර කඳුරැල්ලේ
අතට ලැබෙන දෙයින් ගෙනෙමි
පුතාට කිරි රස ලොල්ලේ...

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
කුසේ නැඟෙන ගිනි නිම්මා
නිවා දමයි නුඹෙ අම්මා
පියා නොමැති මගෙ පුතුගේ
කුස ගින්දර නිවාලන්න
හැම දෙවියෝ පිහිට වෙයන්
හැන්දෑවට ගෙදර යන්න..
Rewind◄◄ 0:00
Sinhala Songs https://goo.gl/YGBf9a
Published Originally by Harshani Sanjeeva | Subscribe Now https://goo.gl/WnRDqf
#SinhalaSongs #SrimathiThilakarathne #VictorRathnayake #PremakeerthiDeAlwis #HarshaniSanjeeva
Category
Sinhala Songs